
කෑගල්ල මහ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායිකාවක මත් පෙති 40 ක් හා රුපියල් 2000 ක් සමග රාජකාරි කටයුතු සිදු කරමින් සිටිය දී ඊයේ (11) අත් අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය සදහන් කරයි.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල පොලිස් වසමේ පරගම්මන ප්‍රදේශයේ පදිංචිව සිටින 58 හැවිරිදි සෞඛ්‍ය කාර්ය සහයිකාවක බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇති සෞඛ්‍ය කාර්ය සහායිකාව කෑගල්ල මහ රෝහලේ වාට්ටුවක සේවය කරන බවත් තව වසර දෙකකින් ඇය විශ්‍රාම යාමට බලාපොරොත්තුවෙන් සිටින බවත් පොලිසිය සඳහන් කරයි.
මෙම සෞඛ්‍ය කාර්ය සහයිකාවගේ පුත්‍රයා ද කාලයක සිට මත්ද්‍රව්‍ය අලෙවිය හා පානය කරන බවත් එම චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කර කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇති බවත් පොලිසිය පවසයි. කෑගල්ල මහ රෝහලේ වාට්ටුවේ සිට මත් පෙති අලෙවි කරන බවට ලද තොරතුරකට අනුව ඇය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ක
ෑගල්ල මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ පොලිස් කොස්තාපල්වරයකු උපාය දූතයකු ලෙස යොදවා කෑගල්ල රෝහලේ වාට්ටුවට ගොස් රුපියල් 2000 ක් දී සෞඛ්‍ය කාර්ය සහායිකාව සන්තකයේ තබාගෙන තිබුණු වර්ග තුනකට අයත් මත් පෙති 40 ක් පොලිස් කොස්තාපල්වරයා ලබාගෙන ඇති අතර එම අවස්ථාවේදී පොලිස් කණ්ඩායමක් සෞඛ්‍ය කාර්ය සහායිකාව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකාරිය කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද (12) ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
චමින්ද වැවතැන්න
Comments
Post a Comment
Your comment will be visible after approval