
කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු සිව් වන මහලෙන් බිමට වැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොහුවල පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ගෝනපොල කන්දෙවත්ත අංක 257 / B හී පදිංචි කුරුප්පු අච්චිගේ චන්ද්‍රසෝම නමැති ( 65 ) හැවිරිදි පුද්ගලයෙකි.
උගුරේ ඇති වූ පිළිකා රෝගයක් හේතුවෙන් මීට මාස 3ක පමණ සිට මෙම රෝගියා කළුබෝවිල ශික්ෂණ රෝහලට පැමිණ උගුර කන නාසය රෝගීන් සදහා ප්‍රතිකාර කරන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇත.
සිව් වන මහලේ රැඳී සිටි මෙම රෝගියා අද (14) අලුයම 5.30 පමණ එම වාට්ටුවේ නේවාසික රෝගීන් සඳහා ආහාර ගැනීමට වෙන් කර ඇති ස්ථානයට පැමිණ එහි සවිකර ඇති ජනේල් කවුළුවකින් බිමට පනින්නට ඇතැයි පොලිසිය සැක කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval