dinesh-fasterkilled-jana-shakthi-president

කිසියම් පිරිසක් විසින් පැහැරගත් බවට සැක කරන ජනශක්ති රක්ෂණ සමාගමේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතා ඊයේ රාත්‍රී මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ, නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේ බොරැල්ල කනත්තේ සිය මෝටර් රථය තුල දෑත් ගැට ගසා ගෙල සිරකර සිටියදී ඊයේ(15) පස්වරු 3.00 ට පමණ ඔහු සොයා ගෙන තිබුණි.

දිනේෂ් ශාෆ්ටර් මහතා සිය බිරිඳට බොරැල්ල ප්‍රදේශයට යන බව පවසා ඊයේ(15) පස්වරුවේ නිවසින් පිටත්ව ගොස් තිබුණි.



පසුව බිරිඳ ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලබාගෙන ඇතත් එය නාද නොවීම හේතුවෙන් බිරිඳ සොයා බැලීමේදි ඔහු බොරැල්ල කනත්තේ සිටින බවට ජංගම දුරකතනයට සංඥා ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

පොලීසිය පැවසුවේ බිරිඳ  පසුව දිනේෂ් ශාෆ්ටර් මහතාගේ කාර්යාලයට දුරකත ඇමතුමක් ලබාගෙන ඒ බව පවසා තිබෙන බවයි.

කාර්යාල සේවකයා බොරැල්ල කනත්තට ගොස් සොයා බැලීමේදි දිනේෂ් ශාෆ්ටර් මහතා සිය මෝටර් රථය තුළ අත්බැඳ දමා සිටියදී සොයා ගෙන ඇති අතර කාර්යාල සේවකයා ඔහු කනත්තේ සේවකයෙකු සමග එක්ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.



පසුව ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(15) රාත්‍රීයේදී ජීවිතක්ෂයට පත් වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ ආරම්භ කර තිබේ.
සිදු කර ඇති විමර්ශන අනුව දිනේෂ් ශාස්ටර් මහතා ඊයේ පිටත්ව ගොස් ඇත්තේ රුපියල් කෝටි ගණනක ණය මුදලක් ඔහුගෙන් ලබාගත් පුද්ගලයෙකු හමුවීමටය.සිද්ධිය සම්බන්ධයෙන් සීසීටීවී විමර්ශනය කළ පොලිසියට වාහනය නැවතූ තැනින් පුද්ගලයෙකු පිටව යන අයුරු හදුනාගන්නට ලැබී ඇති අතර කනත්තේ සේවක මහතාද වාහනයේ සිට පුද්ගලයෙකු යන අයුරු දුටු බවට සාක්ෂි ලබාදී තිබුනි. බිරියගෙන් ලබාගත් විස්තර අනුව ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයෙකු සමග ණය ගනුදෙනුවක් සම්බන්ධ පටලැවිල්ලක් ගැන තොරතුරුද මෙම සිද්ධියට සම්බන්ධ යයි අනුමානයක් ලැබී ඇති අතර පොලිසිය ඒ ගැන සොයමින් සිටී. මෙම විස්තර විචාරකයා ණය පැහැරහැරීම හා ඒ ආශ්‍රිත ප්‍රශ්න සම්බන්ධයෙන් දිනේෂ් ශාස්ටර් මහතා පොලිසියට පැමිනිලි තුනක් ආසන්න කාලයේ යොමු කර තිබුණි.
වැඩිදුර විමර්ශන සිදුවේ.