
බනිස් ගෙඩියක් මිලදී ගැනීමට චූන් පාන් රථයක් අසලට ගිය අවුරුදු හතර හමාරක කුඩා දරුවකු බීමතින් සිටි බව කියන පුද්ගලයකු විසින් උස්සා පොළොවේ ගැසීමෙන් තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
එම දරුවා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව රෝහලේ වෛද්‍යවරුන් ඒ සම්බන්ධයෙන් දඹුල්ල රෝහලේ පොලීසිය දැනුවත් කර ඇති අතර පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු 44 වැනි වියේ පසුවන අයකු බව පොලිසිය කියයි.මව, පියා සහ සීයා සමග කණ්ඩලම ප්‍රදේශයේ නිවෙසේ රැඳී සිටින අවස්ථාවේ මාර්ගයේ ගමන් ගත් චූන් පාන් රථයක හඬ ඇසී මෙම කුඩා දරුවා තම සීයාගෙන් මුදල් ඉල්ලාගෙන බනිස් ගෙඩියක් මිල දී ගැනීමට මාර්ගය අසලට දිව ගොස් ඇතැයි පොලිසිය කියයි.
ඒ අවස්ථාවේ බීමතින් සිට අයකු මෙම කුඩා දරුවාට බැණ වැදී චූන් පාන් ගැනීමට මුදල් කොහෙන්දැයි විමසා ඔහු එකවරම ඔසවා පොළොවේ ගසා ඇතැයි මූලික පරීක්ෂණ වලින් හෙළිවූ බව පොලිසිය යයි. සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත් චමිලා කුමාරි රත්නායක මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 9 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත්කර ඇත. මෙසේ රිමාන්ඩ් බන්ධනාගාරයට ගත කර ඇත්තේ දඹුල්ල කණ්ඩාලම කැප්පැල ප්‍රදේශයේ පදිංචි ඩව්.එම්.පී. අජිත් වර්ණසූරිය නොහොත් සමන්ත නමැති පුද්ගලයක් බව දඹුල්ල පොලිසිය කියයි.
කාංචන කුමාර ආරියදාස
Comments
Post a Comment
Your comment will be visible after approval