The-bus-conductor-who-stole-4-crore-gems-from-the-bus

වැල්ලවත්ත, කොළඹ 06 ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයකුගේ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් මැණික් ගල් ඔහු ගමන් කරමින් සිටි බස් රථයේදී සොරකමට ලක්වූ සිදුවීමක් වාර්තාවේ.
ඉකුත් (21) කොළඹ සිට දෙයියන්දර බලා ධාවනය වූ බසයක ගමන් කර ඇති ඔහු තමන් සතු ගමන් මළු අතර එක් මල්ලක් අමතක කර බසයෙන් බැස තිබේ.

පොලිතින් කවරයේ මැණික් තිබෙන බව නොදැන එම පාර්සලය  බසයේ තිබියදී බේරුවල ප්‍රදේශයෙන් බැසගිය ඔහුට පසුව කල්පණා වී ඇතතේ බස් රථයේ මැණික් තිබියදී තමා බැස ඇති බවයි. ඒ අනුව තමා ගමන් කළ බස් රථය සොයාගෙන තමන්ට අමතකවූ දේවල් සොයද්දී බස් රියදුරු හා කොන්දොස්තර නිරුත්තර වී තිබේ.
බස් රථය සීසීටීවී සහිත එකක් වූ අතර එය පරීක්ෂා කිරීමට යාමේදී ක්‍රියාවිරහිතව පැවතීම සැකයට භාජනය වී ඇත්තේ රියදුරු ර් ගැන දැනුවත් නොවීමෙනි. කොන්දොස්තරවරයා ගැන ඇතිවූ සැකය මත ව්‍යාපාරිකයා පොලිසියට ඒ ගැන පැමිණිලි කළ අතර පොලිස් ප්‍රශ්නකිරීම හමුවේ කොන්දොස්තර මැනික් ගල් පාර්සලය සොරකම් කළබව හසුවී ඇත.  බස් රථයේ කොන්දොස්තරවරයා මගියාට අමතකවූ පාර්සලය රැගෙන පරීක්ෂා කිරීමේදී එහි මැණික් ගල් තිබෙන බව දැන එය රැගෙන ගොස් තම පයාගල නිවසේ අල්මාරියේ සගවා ඇතැයිද හෙළි විය.

මැණික් කැට 116 ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඌරුබොක්ක සහ පයාගල යන ප්‍රදේශවල පදිංචි 48 සහ 36 යන වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය සඳහන් කරයි.
සොරකම අසුවේයැයි බියෙන් බසයේ ආරක්ෂක කැමරා පද්ධතිය පුළුස්සා තිබූ බව වැටලීමට එක්වූ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කීවේය. සැකකරුවෝ කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.