
බෙංගාල බොක්ක ආශ්‍රිතව පසුගිය සතියේ ඇතිවූ අඩු පීඩන තත්වය නිසා උතුරු නැගෙනහිර කලාපය හරහා හමාගිය සීත සුළං ධාරා සමග එම ප්‍රදේශවල එළිමහනේ විසූ ගවයෝ, එළුවෝ, මී ගවයෝ 1500 කට අධික සංඛ්‍යාවක් මිය ගියහ.
මෙම සතුන් මියගොස් ඇත්තේ සීතල දරාගත නොහැකි නිසාද නැතහොත් වෙනත් රෝග තත්වයක් නිසාද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා පේරාදෙණිය පශු පර්‌යේෂණ ආයතනය විසින් මිය ගිය සතුන්ගේ ශරීර කොටස් සාම්පල පරීක්ෂා කරන ලදී.
එම වාර්තාව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවලට ඊයේ (13 වැනිදා) ලබාදී තිබිණි. අධ්‍යක්ෂ ජනරාල්වරිය කියා සිටියේ අදාළ වාර්තාව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාරදීමට කටයුතු කරන බවත්, ඒ අනුව ඉදිරි පියවර ගැනීමට නියමිත බවත්ය.
Comments
Post a Comment
Your comment will be visible after approval