
මෙම ජන රැළිය හඟුරන්කෙත සංස්කෘතික ශාලාවේදී ඊයේ (27දා ) පවත්වනු ලැබූ අතර එදින අලුයම් කාලයේ මේ සඳහා ඉදිකර තිබූ වේදිකාව කිසියම් පිරිසක් විසින් කඩා බිඳ දමා ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. බී. දිසානායකගේ සොහොයුරකු වන ජයලත් දිසානායක සහ ඔහුගේ කණ්ඩායම මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව සිදුකරනු ලැබූ බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් පියතිස්ස කළ විමසුමකදී සඳහන් කළේය.
මේ සම්න්ධව හඟුරන්කෙත පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.
අදාළ චෝදනාව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ හඟුරන්කෙත සංවිධායක ජයලත් බණ්ඩාර දිසානායකගෙන් කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවය.
ඇතැම් විට මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව ජනතා විමුක්ති පෙරමුණේ හෝ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් විසින් සිදුකරන්නට ඇති බවද හෙතෙම සඳහන් කළේය.
හඟුරන්කෙත පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධව පරීක්ෂණයක් සිදුකරන අතර එහි ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේ වේදිකාවක් කැඩූ බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී නොමැති බවය. මෙම ස්ථානයේ සිටි පුද්ගලයෙකුට පහරදීමක් සිදුව ඇති බවට පමණක් පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඔහු කීය.

Comments
Post a Comment
Your comment will be visible after approval