watawala-dead-woman

හිතවතකුගේ නිවසට පැමිණ සිටියදී හදිසියේ මියගිය කාන්තාවකගේ මළ සිරුරක් හඳුනාගැනීම සඳහා වටවල පොලීසිය මහජන සහාය පතයි.
වටවල පොලිස් වසමට අයත්, විග්ටන් තේ වතුයායේ  හිතවත් නිවසකට පැමිණ සිටි මේරි සමාදානම් නැමති (67) හැවිරිදි මෙම කාන්තාව  27 දා හදිසියේ මිය ගොස් ඇති බව වටවල පොලීසිය පවසයි. මෙම කාන්තාව  වටවල, විග්ටන් තේ වතුයායේ  නිවැසියන්ගේ හිතවතියක් ලෙස වසර ගණනක් තිස්සේ ඇසුරු කර ඇති බවත්, වරින්වර එම නිවසට පැමිණ නවාතැන් ගෙන සිට පිටව යන් බවත්, මැයට ඥාතීන් කිසිවෙකුත් නොමැති බවටත්  වතුයායේ නිවැසියන් පවසා තිබේ.


 අංක- 24/22 දංකනත්ත පාර, මාබෝලේ, වත්තල යන ලිපිනය මිය ගොස් ඇති කාන්තාවගේ සන්තකයේ තිබූ ඇගේ  ජාතික හැඳුනුම්පතේ සඳහන් කර තිබේ.
දැනට නාවලපිටිය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ මෙම කාන්තාවගේ මළ සිරුර තැන්පත් කර ඇත. මිය ගොස් සිටින කාන්තාවගේ ඥාතීන් කිසිවෙක් සිටීනම් මළ සිරුර හඳුනාගැනීම සඳහා ඉදිරිපත්වන ලෙස වටවල පොලීසිය  මහජන සහාය පතයි.

(සටහන හා ඡායාරූප-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)