incredible-find-returned-suitcase-worth-millions

එක්සත් ජනපදයේ වෙළෙඳ සලකින් භාවිත කළ ගමන් මලු කට්ටලයක් මිලදී ගත් පුද්ගලයෙකු එය මිලට ගැනීමෙන් පසු එක් බෑගයක තිබී රහසිගත ලෙස තැන්පත් කළ විදේශ මුදල් විශාල තොගයක් හමුවීමේ සිදුවීමක් වාර්තා විය.
එක්සත් ජනපදයේ ඔහියෝ ප්‍රාන්තයේ සිට මෙම පුද්ගලයා ගමන් මලු 5 ක කට්ටලයක් මිලදී ගෙන ඇත්තේ  තොග වශයෙන් භාණ්ඩ අලෙවි කරන වෙළඳසැලක ශාඛාවකිනි.

ඔහු විස්තර කරන පරිදි තැරැව්කරුවන්ගෙන් "පැලට් මගින්" මිලදී ගෙන ඒවා වට්ටම් සහිතව නැවත විකුණන ස්ථානයකි.
ඔහු සූට්කේස් නිවසට ගෙන පරීක්ෂා කරන විට, කුඩා කේස් එකක ලයිනිං රෙදි කඩ ඇතුළත ඔහුට යමක් දැනෙන්නට විය.
"මම ලයිනිං විවෘත කළා දෙවියනේ එහි තීබී බංගලිදේශයේ මුදල් තොගයක් හමුවුණා. ගණං හදා බැලුවාම ඩොලර් 20,000 ක් විතර ... " ඔහු ජනප්‍රිය ෆේස්බුක් සමූහයක ලිවීය.
බංග්ලාදේශ මුදල් විශාල තොගයක් පෙන්වන ඡායාරූපද ඔහු බෙදා ගත්තේය.

"සමහර විට කවුරුහරි එය සාමාන්‍ය වෙළඳසැලකින් මිලදී ගෙන, එය භාවිතා කර, පසුව එය ආපසු ලබා දී ඔවුන්ගේ මුදල් එහි තිබියදී අමතක වී ඇත," එක් ෆේස්බුක් පරිශීලකයෙක් අදහස් දැක්වීය.



වෙනත් අය ඕනෑම විදේශ සංචාරයක් සඳහා ගමන් මලු රැගෙන යාමට පෙර එහි ඇති දේ නිවැරදිව දැනගැනීමේ වැදගත්කම සටහන් කළහ.

නැවත සූට් කේස් ආපසු භාරදීමට හැකියාවක් නොමැති අතර වෙළෙඳ සල් හිමියා පවසා ඇත්තේ අයිතිකරුවන් සොයා යාමේ ක්‍රමවේදයක් නැති බවයි.