
බාලවයස්කාර පාසල් සිසුවියන් දෙදෙනකු පසුගිය පළමුවැනිදා සිට අතුරුදන් බව ත්‍රිකුණාමලය සාම්පූර් පොලිසිය පවසයි. අවුරුදු 14 - 15 වයසේ පසුවන මෙම සිසුවියන් දෙදෙනා ඉකුත් පළමුවැනිදා පාසලට ගොස් එදින සවස පන්ති සඳහා සහභාගිවී ඇති බව සාම්පූර් පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
නිවෙස්වලට යළි නොපැමිණි නිසා සිසුවියන්ගේ පවුල්වල අය මේ බව සාම්පූර් පොලිසියට පෙරේදා පැමිණිලි කර ඇත. මෙසේ අතුරුදන් බව කියනුයේ සාම්පූර් පොලිස් වසමට අයත් තෝපූර් ප්‍රදේශයේ පදිංචි සිසුවියන් දෙදෙනෙකි. අතුරුදන් සිසුවියන් දෙදෙනා ගැන මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නොමැති බවත් ඔවුන් ගැන තොරතුරු අවට පොලිස් ස්ථානවලට ද දැනුම් දී සාම්පූර් පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි.
(ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය)
Comments
Post a Comment
Your comment will be visible after approval