thilini-priyamali-peshala-purnika

මේ වනවිට අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිලිණි ප්‍රියමාලි සමග සමීප ඇසුරක් පැවැත්වූ කලාකරුවන් හා ඔවුන් සමග අදාළ වංචාවන්ට අදාළව තිළිණි ප්‍රියමාලි සිදුකළ කටයුතු ගැන විමර්ශන සිදුවේ.
තිලිණි ප්‍රියමාලි තමන්ගෙ ව්‍යාපාර ජාලයේ පැවැත්ම සඳහා කලාකරුවන් හා දේශපාලකයින් සමග සමීප ඇසුරක් පවත්වා තිබූ අතර මේ නිසා ඇය හා සම්බන්ධවූ අය සියලු දෙනා ඇයගේ වංචාවන් දැන සිටියාද යන ගැටලුව පැනනැගී ඇත.

ඇතැමුන්ට ඇය තවත් චිත්‍රපට නිෂ්පාදිකාවක පමණක් වූ අතර ගෙවන මුදලට අදාළ කටයුතු වලට දායකවූ අයයි.
තවත් සමහර අය ඇයගේ හිතවත්කම මත ඇතැම් අකටයුතුකම් උදව් ලෙස ඇයට ඉටු කර දී තිබූ අයයි. ඇතැම් කලාකරුවන්ව තිලිණි උපයාශීලී ලෙස භාවිත කළ අතර ව්‍යාපාරිකයින් බ්ලැක්මේල් කරවීම වැනි කටයුතු සඳහා දායකකරගෙන තිබුණි.
මේ හේතුවෙන් තිලිණි සමග කලාකරුවන් සිදු කළ කටයුතු දැනුවත් වංචාවන් මෙන්ම නොදැනුවත් වංචාවන් ලෙස දෙආකාරයට හඳුනාගන්නට ලැබී ඇතැයි මේ ගැන පරීක්ෂණ පවත්වන නිලධාරීන් සඳහන් කර තිබේ.
දෙරණ නාලිකාවෙහි ප්‍රකට නිවේදක පේෂල මනෝජ් හා දෙරණේ මින් ඉහත සේවය කළ පූර්ණිකා පීරිස්ද තිලිණි ප්‍රියමාලි සමග සමීපව ඇසුරු කර තිබූ අතර ඔවුන් දෙන්නා ඇය පැවැත්වූ බොහෝ උත්සව වලටද අමුත්තන් ලෙස එක්වූ අයයි. එසේම ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ තිලිණිගේ කාර්යාලයේ හදිසි කැඳවීමක් පවත්වා පූර්ණිකාගේ පුදුමකරවන උපන්දින සැමරුම මෙම වසර මුලදී පවත්වා තිබුනේද තිලිණි ප්‍රියමාලියි.


අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවල දී
තිළිණි ප්‍රියමාලි  වංචනික ලෙස උපයාගත් බව කියන රුපියල් කෝටි එකහමාරක මුදලක් මෙම ජනප්‍රිය නිවේදක අඹුසැමි යුවළට ලබාදී ඇති බව අනාවරණය කරගෙන තිබේ.
ඔවුන්ට නිවසක් සෑදීම පිණිස මෙම මුදල් ඇය ලබාදුන් බව පැවසේ.එම මුදල් ලබාගත්තේ හිතවත්කම මත උපකාරයක් ලෙස පමණක්ද නැතිනම් ඒ් වෙනුවෙන් යමක් ඉටු කරගැනීමටද? මුදල් අයථා ලෙස උපයාගත් ඒ්වා බව දැන සිටියාද ආදී ප්‍රශ්න ඔවුන් වෙත යොමු කර තිබූ අතර
මෙම නිවේදක අඹුසැමි යුවළගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇති බවත් සාක්ෂි අධිකරණයේදී ගොනු කරන්නට කටයුතු කරන බවත් පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.
තිළිණි ප්‍රියමාලි සමග ගනුදෙනු කළ තවත් රංගන ශිල්පිනියක, මෝස්තර නිරූපිකාවන් පහක් ඇතුළු 6 දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.
 

තිලිනි ප්‍රියමාලිගේ WTC ඔෆිස් එකේ 2022 අප්‍රෙල් මාසේ පැවති පූර්ණිකා පීරිස්ගේ උපන් දින සාදය   PHOTOS









Pix By - Thilina Ben Photography