
ඇපල් සමාගමේ සම නිර්මාතෘවරයකු වන ස්ටීව් ජොබ්ස් කලකට ඉහත පැලදි පාවහන් යුගලයක් එක්සත් ජනපද ඩොලර් 218,750ක මුදලකට වෙන්දේසි වී ඇතැයි වාර්තා වෙයි.
කාලිෆෝනියාවේ පිහිටි ජූලියන් වෙන්දේසි ආයතනයේදී මෙම වෙන්දේසිය සිදුව තිබේ. මෙම මුදල මෙරට රුපියල් වටිනාකමින් රුපියල් කෝටි 3කට අධික මුදලකි. ඒ අනුව එතෙක් මෙතෙක් ලොව පුරා සිදු වූ පාවහන් යුගල වෙන්දේසියකදී හිමි වූ වැඩීම මුදලද මෙය වන බව සදහන් වෙයි. දුඹුරු පැහැයෙන් යුත් මෙම පාවහන් යුගලය හම්වලින් නිමවූවකි. ස්ටීව් ජොබ්ස් 1970 සහ 1980 දශකයේදී මම පාවහන් යුගලය පැලදි බව පැවසෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval