
පාර්ලිමේන්තුව නැරඹීමට පසුගිය 01 වැනිදා පැමිණි මාතර සුජාතා විද්‍යාලයේ සිසුවියන්ට කතානායක මහින්ද යාපා අබේවර්ධන සමග සුහද කතාබහක යෙදීමේ අවස්ථාව හිමි විය. ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම සිසුවියන් කතානායකවරයා වට කරගෙන සිටින අයුරුය.
මහින්ද යාපා අබේවර්ධනගේ ගම් පළාතත් මාතරයි. මාතර රාහුල විද්‍යාලයෙන් සහ තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබු ඔහු මාතර දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ නමසිය අසූව දශකයේදීය. පසුව පළාත් සබා වෙත මාරුවූ ඔහු 2000 වර්ෂයේ දී නැවත පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහු එතැන් සිට අඛණ්ඩව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරයි. 2020 කතානායක පදවියට පත්විය.

Comments
Post a Comment
Your comment will be visible after approval