The-manager-Kadawatha-girl-who-was-found-in-the-toilet-pit-of-Ocean-Villa-in-Panadura

පානදුර පින්වත්ත ප්‍රදේශයේ සංචාරක හෝටලයක අභිරහස් ලෙස මියගොස් වැසිකිළි වළක් තුළ තිබී ඉකුත් මාර්තු 29 දා හමුවූ තුෂාරි දිල්හානී නමැති දෙදරු මවගේ මරණය සම්බන්ධයෙන් කළ පරික්ෂණවල දී මාස හතකට වැඩි කාලයක් සැඟව සිටි ප‍්‍රධාන සැකකරු කිරිඉබ්බන් ආර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.



පානදුර පින්වත්ත ජෝන් කීල්ස් නිවාස සංකීරණ පාර අවසන් වන තැන මුහුද හා රේල් පාරට ආසන්නයේ පිහිටි ‘ඕෂන් විලා‘ නමැති කුඩා ප්‍රමාණයේ ‘ළැගුම් හළක්‘ වැනි හෝටලයක මෙම සිදුවීම සිදුව තිබුණි.
මෙම හෝටලය අසළ පුවරුවක ROOMS යනුවෙන් කුඩා පුවරුවක් සවිකර තිබෙන අතර එහි A/C Non A/C ,Swimming Pool,Beach Wadee,Restaurant & bar යනුවෙන් සටහන් කර තිබුණි.



කළමනාකරු හා සේවකයින්  කිහිපදෙනෙකු පමණක් සිටින කුඩා ප්‍රමාණයේ හෝටලයේ අයිතිකරු සිටින්නේ වෙනත් තැනකය. මේ හේතුවෙන් හෝටලයේ සිදුවන ඇතැම් සිදුවීම් අයිතිකරුට ආරංචි නොවේ.
කාන්තා මළ සිරුර ගොඩගන්නේ හෝටලයේ අයිතිකරු පොලිසියට කළ පැමිණිල්ල අනුවය.

වැසිකිලි වළක් අසළින් දුගඳක් හැමීම හා අලුත් පස් තිබෙනු දැක සිදු කළ පරීක්ෂාවකින් පසු ඔහුට ඝාතන සංසිද්ධිය ගැන සැකයක් ඇතිවී සොයා බලද්දී කළමනාකරු හා සේවකයින් දෙන්නෙකු පළායාම නිසා සැකය වඩාත් තීව්‍ර වූ නිසා පොලිසියට පැමිණිලි කරන්නට උනන්දු විය.
පොලිසිය පැමිණ කළ පරීක්ෂාවෙන් පසු අතිරේක මහේස්ත්‍රාත්වරයා මැදිහත්වී මළ සිරුර ගොඩගන්නා ලදි.
පානදුර අතිරේක මහෙස්ත්‍රාත් ළහිරු එන් සිල්වා ඉදිරියේ වැසිකිළි වළේ කොන්ක්‍රීට් පියන විවෘත කර සිරුර සොයා ගත්තේය.
මෙම තරුණිය,හෝටලයට පැමිණ ඇත්තේ පෙම්වතෙකු සමග යයි මුලින් ආරංචි වූවද පසුව වාර්තාවූයේ ඇයව රැගෙන ආවේ හෝටලයේ කළමණාකරු විසින්ම බවයි.
මේ ආකාරයට වරින්වර හෝටලයට කාන්තාවන් රැගෙන ඒම කළමනාකරු පුරුද්දක් වශයෙන් කරගෙන ගොස් තිබූ අතර ඇය සමග පහස විඳ හෝටලයේ හිත මිතුරු සේවකයින් දෙන්නෙකුටද ඇගේ පහස විඳගන්නට ඔහු අවස්ථාව සලසා ඇති බව පැවසේ. මේ ආකාරයට අවස්ථා කිහිපයකම ඇයගේ පහස ලබමින් දින දෙකක් පමණ තරුණියව හෝටලයේ රඳවාගෙන තිබෙන බවටද තොරතුරු අනාවරණය විය.

තරුණිය 26 හැවිරිදි වියේ පසුවන්නියක වූ අතර කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු මවක බවට පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබුණි.
වැසිකිළි වළේ තිබී ඇගේ යයි සැක කළ අත් ඔරලෝසුවක්, ජංගම දුරකථන ආරෝපණයක්, උල් පිහියක්, කාන්තා පාවහන් යුගලයක්, උපත් පාලන කොපුවක්, තුවායක්, පාපිස්සක් සහ රෙදි කැබලි කිහිපයක්ද සොයාගෙන තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් හෝටලයේ හිමිකරුට ඇතිවූ සැක මත ඒ ගැන කරුණු විමසද්දී නිරුත්තරවී ඇති කළමනාකරු හා සේවකයින් පසුදාම අතුරුදන්ව තිබුණි.
 ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය සිදු කළ මෙහෙයුමේදී  පිළියන්දල සහ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 40 සහ 45 හැවිරිදි සේවකයින් දෙන්නා අත්අඩංගුවට ගන්නට ඒ දිනවලම හැකි විය.

කළමණාකරු සොයා මෙහෙයුම ක්‍රියාත්මක වූ අතර
මාස 8 කට පසු පළාගිය කළමනාකරු අල්ලාගන්නට පොලිසිය සමත් විය.
වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ පළාගිය සැකකරු එවකට හෝටලයේ කළමනාකරු ලෙසින් සේවය කරමින් සිටියදී  තුෂාරි දිල්හානි නමැත්තියගේ මළසිරුර සොයාගැනීමට පෙරදින රාත්‍රී හෝටල් පරිගණකයේ දත්ත මකා දමා පුද්ගලික ලියකියවිලි ද රැගෙන පලාගොස් තිබුණි..
සැකකරු පානදුර සිට මාතර ඔස්සේ ඇඹිලිපිටිය බලා ගමන්කර ඇති බවත් ඒ අතරතුර සිය සිම් කාඩ්පත කඩා විසිකර තිබූ බවට පරික්ෂණවල දී හෙළිව ඇත.

ඇඹිලිපිටිය ප්‍රදේශයට පලාගොස් සිටි සැකකරු පොලිසියෙන් මිදීම සඳහා වරින්වර පදිංචිය වෙනස් කරමින් සිට ඇත.
සැකකරු රාත්‍රි සමාජ ශාලාවකට ගොස් සිටිය දී මියගොස් ඇති කාන්තාව හඳුනාගෙන ඇති බවත් ඇයගේ මරණය සිදුවීමට දින දෙකකට පෙර එනම් මාර්තු 23 දා කඩවත රාත්‍රි සමාජ ශාලාවේ සිට පානදුර හෝටලයකට කැටුවවිත්  අංක 605 දරන කාමරයේ රඳවා තවත් පුද්ගලයන් තිදෙනෙකු සමග වරින් වර ඇය සමග එකට සිට ඇති බවත් පාපොච්චාරණය කර තිබුණි.
කාන්තාවන්ගේ සිරුර වැසිකිළි වළට දමා එය වසා දමා ඇයගේ ගමන් බෑගය මුහුදු වෙරළට ගොස් පුළුස්සා දැමු බවද ඔහු කියා තිබේ. සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.