
පසුගිය 13වැනිදා නවගත්තේගම කිරිමැටියාව කුඹුරේ වී වැපිරීමේ යෙදී සිටි සංවර්ධන නිලධාරීනිය හා ඇගේ සැමියා සමග තවත් දෙදෙනෙකු අකුණු සැරට ලක්වී තිබුණි. අකුණු සැරින් එම ස්ථානයේදීම සංවර්ධන නිලධාරිනියගේ සැමියා වන වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ හලාවත ඒකකයෙ සේවය කළ ඩබ්ලිව්.එම්. සුජිත් කුමාර වනසිංහ (අවු.38) නමැත්තා ජීවිතක්ෂයට පත්වූ අතර,
බරපතළ ලෙස පිලිස්සුම් තුවාල ලබා ගල්ගමුව රෝහලට ඇතුළත් කර තිබූ සංවර්ධන නිලධාරිනියගේ තත්ත්වයද බරපතළ හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පරීක්ෂණවලදී අනාවරණය විය. මෙම අකුණුසැරින් එම ස්ථානයෙ සිටි තවත් දෙදෙනෙකු කම්පනයට පත්ව රෝහල්ගත කර තිබුණි. කෙසේ වෙතත් මෙම අඹු සැමියන්ගේ මරණයෙන් වයස අවුරුදු හයක් පමණ වු පුංචි පුතු තනිවී ඇති බව පවුලේ ඥාතීහු පවසති.
(පුත්තලම - හිරාන් ප්‍රියංකර ජයසිංහ)
Comments
Post a Comment
Your comment will be visible after approval