
බටපොළ, කොබෙයිතුඩුව ප්‍රදේශයේ දාහතර හැවිරිදි පාසල් සිසුවකු සිය උකුළ මත තබා ක්‍රියාත්මක කරමින් තිබූ ලැප්ටොප් පරිගණකයේ චාජරය පුපුරා ගොස් ජීවිතක්ෂයට පත්වී ඇතැයි බලපිටිය රෝහල් පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ බෙන්වල පාර ඉදිකැටිය පදිංචි ඩබ්ලිව්.ඒ. සෙනත් ඉඳුවර නමැති සිසුවෙකි.
පුපුරන අවස්ථාවේදී ලැප්ටොප් පරිගණකය චාර්ජ්වීමට ගසා තිබෙන අතර චාර්ජරයේ ට්‍රාන්ස්ෆොමර කොටසද සමීපයෙන් තිබී ඇත.
පරිගණකය උකුලේ තබාගෙන සිටියදී එක්වරම ඇසුණු ශබ්දය නිසා නිවැසියන් ඔහු සිටි ස්ථානයට එනවිට පිපුරුම නිසා ඔහු පිළිස්සුම් තුවාල සහිතව සිට ඇති අතර පරිගණකය චාර්ජ් වීමට විදුලියට සම්බන්ධ කර තිබූ වයර ගලවා ඔහු බේරාගෙන රෝහල් ගත කර තිබේ.
විදුලි සැර නිසා ඇතිවූ කම්පනයට ඔහු මියගොස් ඇතැයි රෝහල් ආරංචි සඳහන් කළේය.
චාජරය පිපිරීමෙන් සිසුවාට විදුලි සැර වදින්නට ඇතැයි පොලිසිය සැක කරයි.
අම්බලන්ගොඩ රෝහල් පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval