
තායිලන්තයේ මෙරටට ගෙනැවිත් වසර 25 කට අධික කාලයක් අලුත්ගම කන්දේ විහාරයේ සිටි ‘මුතු රාජා’ නම් වූ ඇතා පසුපස පාදයේ ඇති වූ ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට තායිලන්තයට රැගෙන යන බව අලුත්ගම ඓතිහාසික කන්දේ විහාරයේ විහාරාධිපති කොක්කාවිට විපුලසාර නාහිමියෝ පැවැසූහ.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රාජ්‍ය පාලන සමයේ ශ්‍රී ලංකාවට තායිලන්තයෙන් ලැබුණු ඇතුන් දෙදෙනාගෙන් එක් ඇතකු කැලණි රජමහා විහාරයටත් අනෙක් ඇතා වන මුතූ රාජා නමින් නම් තබා තිබූ මේ වන විට ශ්‍රී දළදා පෙරහරේ කරඬුවක් දරා ගමන් කිරීමට සුදුසුකම් ලැබ සිටි කන්දේ විහාරයේ මුතු රාජා වසර විසි පහකට වැඩි කාලයකින් පසුව නැවත තායිලන්තයට රැගෙන ගොස් වැඩිදුර ප්‍රතිකාර කිරීමට එරට රජය කටයුතු කරන බව ඓතිහාසික අලුත්ගම කන්දේ විහාරාධිපති කොමිට විපුලසාර නාහිමියෝ කීහ.
කන්දෙ විහාරයේ වසර ගණනාවක් වාසය කරමින් සිටී මුතු රාජා ඊයේ (9) විහාරයෙන් පිටත් ව යෑමට පෙර මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනා කර පිරිත් නූල් බැඳ ආගමික ආශිර්වාද කළ අතර තායිලන්ත ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරින් පිරිසක් කදෙ විහාරයට පැමිණ රැගෙන යනමුතු රාජා දින කීපයක් දෙහිවල සත්වෝද්‍යානයේ රඳවා අනතුරුව තායිලන්තයට රැගෙන ගොස් ප්‍රතිකාර කිරීමට කටයුතු කරන බව මෙහි පැමිණි නිලධාරියෙක් පැවැසීය.
-තුසිත කුමාර ද සිල්වා-
Comments
Post a Comment
Your comment will be visible after approval