
ඊයේ (12) දිනයේ දී ස්ථාන තුනක සිදු වූ විරෝධතා පොලිසිය විසින් මැඩලූ ආකාරය ඉතාමත් නින්දිත බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් සටහනක් තබා තිබේ.
අරගල කරුවන් රඳවා තැබීම ගැන විරෝධතා දක්වමින් කළුතර සිට කොළඹට පා ගමනින් පැමිණි කාන්තාවන් දෙදෙනකු අත් අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියාකර තිබූ අතර කිසිදු නීතියක් ගැන සඳහන් නොකර ඔවුන් අල්ලාගන්නට පොලිසිය ක්‍රියා කළේය.
ගොරකපොල ප්‍රදේශයේ දී එම කාන්තාවන් දෙදෙනාව අත් අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන්ව ජීප් රථයට නංවාගන්නට උනන්දු නොවූ බවට චෝදනා කරමින් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් පොලිස් කොස්තාපල්වරියකගේ ගෙලෙන් දැඩිව අල්ලා තල්ලු කර ඇයව හිංසනයට ලක් කරන ආකාරයක් දැක්වෙන වීඩියෝ හා ඡායාරූපද ප්‍රසිද්ධවී තිබේ.
මෙලෙස කිසියම් කාරණයකට හෝ කාන්තාවන් හිංසනයට ලක් කිරීම, පීඩාවට පත් කිරීම මෙන්ම සාමකාමී විරෝධතාවලටත් නිරායුධ සිවිල් වැසියන්ටත් පදනම් විරහිතව මිලේච්ඡත්වය පෙන්නුම් කරමින් පහරදීම පොලිසියේ නින්දිත ක්‍රියාවක් බව සාලිය පීරිස් හෙළාදැක ඇති අතර පොලිසියේ විනය පිරිහීම මෙවන් සිදුවීම්වලින් වැඩිදුරටත් ගම්‍ය වන බව ද ඔහු සඳහන් කරයි.
සිද්ධියට අදාළ වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval