
තිලිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඉසුරු බණ්ඩාර බන්ධනාගාරයේ සිට පිටතට ලබාගත් ඇමතුමක් ගැන බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සැලවී ඇති අතර ඒ ගැන පරීක්ෂණයක් අරඹා ඇතැයි දෙපාර්තමේන්තු ආරංචි හෙලි කරයි.
වැලිකඩ බන්ධනාගාරයේ සිට ඔහු ලබාගත් ඇමතුමට අදාළ හඬ පටයක් සමාජ මාධ්‍යයේ මේ වනවිට සංසරණය වන අතර ඒ ඔස්ස්
ඔහු දුරකතනයක් භාවිතා කරන බව දෙපාර්තමේන්තුව දැනගෙන තිබේ.
පළවන වාර්තා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් ඉසුරු බණ්ඩාර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සුභසාධන අංශයේ රැඳවියන්ට ලබා දී ඇති දුරකතනයෙන් මෙම ඇමතුම ලබා ගත්තේ ද නැතිනම් ඔහු සතුව පවතින දුරකතනයකින් එම ඇමතුම ලබාගත්තේද යන්න පිළිබඳව විමර්ශන ආරම්භකර තිබෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval