
අත්අඩංගුවට ගෙන සිටි සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 15 දෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දන අමරසිංහ මහතා අද නියෝග කළේ ය.
ඇය ඇතුළු පිරිස ඊයේ අත්අඩංගුවට ගැණුනේ ජනාධිපතිවරයාගේ නිවසට යන මාර්ගයේ වීදි නාට්‍යයක් රඟ දැක්වීමට ගිය අවස්ථාවේයි.
කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද පෙරවරුවේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
Comments
Post a Comment
Your comment will be visible after approval