
කොළඹ ගාලු මුවදොර වෙරළ ආසන්නයේ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ. අරගලයෙන් පසු සමයේ අනපේක්ෂිත ලෙස තරුණ මළ සිරුරු හමුවීමෙන් කලකට පසු මේ ආකාර මළ සිරුරක් හමුව තිබූ අතර මියගිය පුද්ගලයා ගාලුමුවදොර පිටියේ කොඩි කණුව අසල වැටී සිටි බව වාර්තා විය.
ඔහුගේ ඇඳුම් සාක්කුවක ජාතික හැඳුනුම්පතක් තිබූ අතර
පොලීසිය පවැසුවේ එම මියගොස් සිටින පුද්ගලයා අවුරුදු 45 වු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳනාගත් බවයි.
නිවැසියන්ට දන්වා සිදු කළ වැඩිදුර විමර්ශනයේදී මෙම පුද්ගලයා කලක සිට දියවැඩියා රෝගයට ප්‍රතිකාර ලබාගත් තැනැත්තෙකු බවත් පසුගිය 27 වැනිදා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන සිට නිවසට පැමිණ සිටියදී ඊයේ (28) උදෑසන නිවසින් පිටව ගොස් ඇති නමුත් නැවත නොපැමිණි නිසා නිවාසැයන් කලබලවූ බවත් අනාවරණය වී තිබේ. ඥාතීන් මෘත ශරීරය හඳුනාගෙන තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval