chamika-karunaratne-1year-ban

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නහට වසරක අත්හිටවූ ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ත්‍රිපුද්ගල කමිටු නිර්දේශ මත විධායක කමිටුව තීරණය කර තිබේ.



එයට හේතුවූයේ ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රෙලියාවට ගිය ගමනේදී ඔහු සමාජ ශාලාවකට ගොස් එහි රණ්ඩු සරුවල් වීමත් ඇතිවූ විනය විරෝධී හැසිරීමත්ය.
ලෝක කුසලානය ක්‍රිකට් තරඟාවලියේ දී ක්‍රීඩක විනය නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව එල්ලවූ සියලු චෝදනාවලට ඔහු වැරදිකරු  කිරීමට අදාළ කමිටුව නිර්දේශ කර ඇති අතර චාමික කරුණාරත්න උල්ලංඝනය කර ඇති ක්‍රීඩක ගිවිසුම් කොන්දේසි බරපතළ තත්ත්වයේ පවතින නමුත් ඔහුගේ ක්‍රීඩාවට හානියක් කිරීම නොකරන බව නිර්දේශයේ දැක්වෙයි.
ඒ අනුව ක්‍රීඩා දිවියට දැඩි බලපෑමක් ඇති නොවන ලෙස දඬුවමක් පැනවීමට ක්‍රිකට් විධායක කමිටුව වෙත නිර්දේශ කර ඇති අතර
විධායක කමිටුව තීරණය කර ඇත්තේ චාමික කරුණාරත්න හට සියලු මාදිලියේ ක්‍රිකට් තරඟ සඳහා වසරක තහනමක් අතිහිටුවා පැනවිමටයි.


එහි අර්ථය වන්නේ වසරක කාලය ඇතුළත ඔහුට ක්‍රිකට් ක්‍රීඩාකිරීමට බැරිවීම නොවේ. ඔහුගේ හැසිරීම් ගැන අධීක්ෂණය කරන අතර ඔහු පෙරකී ආකාරයේ වරදක් කලොත් පමණක් අදාළ දඩුවම ක්‍රියාත්මකවී ක්‍රිකට් තහනම් කෙරේ.
ඊට අමතරව ඔහුට ඇමෙරිකානු ඩොලර් 5000ක දඩ මුදලක් පැනවීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබෙයි.
වසරක පරිවාස කාලය තුළ දී නැවතත් ක්‍රීඩක ගිවිසුම් සහ විනය විරෝධී හැසිරීම්වල නිරත වුවහොත් ඔහුට එරෙහිව පනවා අත්හිටුවා ඇති වසරක සියලුම මාදිලියේ ක්‍රිකට් තහනම බලපැවැත්වෙනු ඇත.