
මෙරටට අවශ්‍ය ඔෟෂධ වර්ග 152ක හිඟයක් වෛද්‍ය සැපයුම් අංශයේ පවතින බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක පැවැසීය.
ඖෂධ මිලදී ගැනීමට ඉන්දියානු ණය යෝජනා ක්‍රමය භාවිත කරන බවත් මේ සඳහා අනිවාර්යයෙන්ම මහා භාණ්ඩාගාරයේ අනුමැතිය හා ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ අනුමැතිය අවශ්‍ය වන බවත් හෙතෙම කීය.
මේ ක්‍රියාවලිය ඉතා දීර්ඝ වැඩපිළිවෙළක් හේතුවෙන් පෞද්ගලික සැපයුම්කරුවන් මේ ක්‍රමයට අනුගත වන්නට කැමැත්තක් නොදක්වන බවත් ඔවුන් මේ සඳහා අනුගත නොවීම බරපතළ ගැටලුවක් බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම මේ ණය යෝජනා ක්‍රමය තුළින් මාස දෙක තුනක් ඇතුළත අමාත්‍යාංශය බලාපොරොත්තු වුණු සාර්ථකත්වය සපුරාගැනීමට හැකියාවක් නොලැබුණු බවත් ඔහු පැවැසීය.
ලෝක බැංකුවේ ණය යෝජනා ක්‍රමය යටතේ ලංකාවට ඩොලර් මිලියන 23ක් ලැබුණු බවත් එයින් මේ වනවිට අවශ්‍ය ඖෂධ ඇණවුම් කර තිබෙන බවත් ඔහු සඳහන් කළේය.
ඉදිරි වසර 02කට ප්‍රමාණවත් වන තරම් ඖෂධ අමාත්‍යාංශය ඇණවුම් කර තිබෙන බවත් ඩීසල්, පෙට්රල් ගේන්න වගේම ප්‍රමුඛතාවක් මේ සඳහා ලබා දිය යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවැසුවේය.
මිතුන් ජයවර්ධන
Comments
Post a Comment
Your comment will be visible after approval