
හඳපානාගල ප්‍රදේශයේ කුඹුරුයායක 29දා උදෑසන ට්‍රැක්ටරයකින් සීසාමින් සිටි පාසල් ශිෂ්‍යයෙකු ට්‍රැක්ටරය වළකට වැටීමෙන් ඊට යටවී මියගොස් ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ හඳපානාගල රන්දෙණිගොඩයාය පදිංචි ඇතිලිවැව මහා විද්‍යාලයේ දහතුන් වන වසරේ ඉගෙනුම ලබන ඩබ්. එච්. චමිත් විශ්මිත (19) නැමති ශිෂ්‍යයෙකි.
හෙතෙම ට්‍රැක්ටරයෙන් කුඹුරක් සීසාමින් සිටියදී එකවරම ට්‍රැක්ටර් රථය වළකට වැටීමේදී ඔහුද එම වළට වැටීමෙන් ට්‍රැක්ටරයට යටවී බරපතළ තුවාල ලබා හඳපානාගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. වැල්ලවාය පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval