alfred-perera-passed-away

රංගන ශිල්පියෙකු සහ ගුවන් විදුලි නිවේදකයෙකු වන ඇල්ෆ්‍රඩ් පෙරේරා අද (නොවැ. 20) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.


අද පස්වරුවේ දළුගම පිහිටි පෙරේරා මහතාගේ නිවසේ දී මිය යන විට ඔහු 93 වන වියේ පසුවිය.
ජනප්‍රිය ගුවන් විදුලි වැඩසටහනක් වූ 'විනෝද සමය' වැඩසටහනේ ආරම්භක ශිල්පියෙකුද විය.
ගුවන් විදුලියේ ප්‍රවෘත්ති නිවේදකයෙකු මෙන් ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්ථකයෙකු ලෙස ද ඔහු දීර්ඝ කාලයක් කටයුතු කළේ ය.
ඔහු කලක් පිලිපීනයේ මැනිලා නුවර වෙරිටාස් ගුවන්විදුලි සේවයේ සිංහල අංශය භාරව කටයුතු කළේය.
ඉංග්‍රීසි බස ඉගැන්වීමේ වැඩසටහන්ද ඉදිරිපත් කළේය.
ඔහු චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වූ අතර ටෙලි නාට්‍ය කිහිපයකද රඟපෑවේය.
අවසන් ගෞරවය සඳහා දේහය මාකොළ පිහිටි supreme අවමංගල්‍යාගාරයේ තැන්පත් කර තැබීමට නියමිතය.
අවමගුල් කටයුතු අඟහරුවාදා (22) සවස තුනයි තිහට දළුගම දේවස්ථාන සුසාන භූමියේදී සිදු කෙරේ