
කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ දිගින් දිගටම සිදුවූ ගෙවල් බිඳීම් සම්බන්ධයෙන් පොලිසිය පැවැත්වූ පරීක්ෂණ වලින් පසු පසුගියදා සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, කුඩු කාරයන් යයි සැක කළ ඔවුන් සතුව තිබූ සොරාගත් භාණ්ඩ ද පොලීසිය සොයාගෙන තිබිණි.
ඒ දක්වා රන් භාණ්ඩ අතුරුදන් බවට පොලිසියට පැමිණිලි කළ අයට ඒ අනුව පොලිසිය දැනුම්දීමක් කළ පසුව ආරංචිය සැලවීමෙන් පසු ගතවූ කාලයේ දී තම නිවෙස්වල භාණ්ඩ නැති වූ පිරිස් ද පොලීසියට පැමිණ එම භාණ්ඩ පරීක්‍ෂා කර තිබේ.
එලෙස පොලීසියට පැමිණි කාන්තාවක තම නිවසේ අතුරුදන් රන් භාණ්ඩද එම සොර බඩු අතර තිබෙනු හඳුනාගෙන ඇති අතර පසුව හඳුනාගැනීමේ පෙරට්ටුවේදී එම සොරකම්වලට සම්බන්ධ එක් අයකු තම අනාගත බෑණා බව හඳුනාගෙන ඇත.
“යකෝ ගෙට ආව ගිය මේකා තමයි යතුර තියෙන තැන දැනගෙන යතුර අරගෙන ගේ දොර ඇරලා අල්මාරියේ තිබුණු රත්රන් බඩු අරන් තියෙන්නේ.”
“මඟුලට ඉස්සරලා මේකා අල්ලා ගත්තාට පොලිසියට පින් සිද්ධ වෙනවා. අනේ මගේ දුව දෙන්න හැදුවේ කුඩු ගහන මේ වාගේ ලෝක හොරෙකුටද? ආයි බෑනෝ ගෙදර පැත්තේ පළාතේ පස් පාගන්න නම් එන්න එපා.” යනුවෙන් නැන්දම්මා පොලිසියේදී කෑගැසුවාය.
ලබන ජනවාරියේ දී විවාහ කරගැනීමට සිටි නියමිත තම අනාගත මනාලියගේ නිවසේ තිබූ රුපියල් ලක්ෂ අටක් වටිනා රන් භාණ්ඩ සොරාගත් අයකු බව පොල්පිතිගම පොලීසියඒ අනුව හඳුනාගෙන තිබුණි.
මෙම අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අයකු මැල්සිරිපුර පොලිස් වසමේත්, අනෙක් දෙදෙනා පන්සියගම පොලිස් වසමේත් පදිංසි අය වූ අතර ඔවුන් ඉරුදෙණියාය ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.
ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔවුන් තිදෙනා ගෙවල් බිදුම් 14 කට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති අතර අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval