icc-world-cup-2022

මෙම මස ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයන්ට ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂ 16ක මුදලක් හෙවත් රුපියල් කෝටි 60කට ආසන්න මුදල් ත්‍යාගයක් (රු. 585,057,920) පිරිනමන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එමෙන්ම තරගාවලියේ අනුශුරයන්ට ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂ 08ක මුදලක් හෙවත් රුපියල් කෝටි 30කට ආසන්න මුදල් ත්‍යාගයක් (රු. 292,528,960) පිරිනැමීමට නියමිතය.

එමෙන්ම අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වන එක් කණ්ඩායමක් සඳහා ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂ 04ක මුදලක් (රු.කෝ. 14කට වැඩි) මුදල් ත්‍යාගයක් පිරිනැමෙන අතර, ඒ අනුව අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වන කණ්ඩායම් 02 සඳහා ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂ  08ක මුදලක් හෙවත් රු.කෝටි 30කට ආසන්න මුදල් ත්‍යාගයක් පිරිනැමීමට නියමිතය. සුපිරි 12 වටයේ තරග ජයගන්නා එක් කණ්ඩායමකට ඇමෙරිකානු ඩොලර් 40,000 (රු.කෝටි 1.4කට වැඩි) බැගින් හිමිවන අතර, ඒ අනුව සමස්ත තරග 30ක් සඳහා පිරිනැමෙන ත්‍යාග මුදල වනුයේ ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂ 12 (රු.කෝ. 43කට වැඩියි.



මේ අතර සුපිරි 12 වටයේ තරගවලින් ඉවත් වන කණ්ඩායම් 08 සඳහා එක් කණ්ඩායමකට ඇමෙරිකානු ඩොලර් 70,000 (රු.25,596,284) බැගින් හිමිවන අතර, ඒ අනුව සමස්ත තරග සඳහා පිරිනැමෙන ත්‍යාග මුදල වනුයේ ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂ 5.5කට (560,000.00) වැඩිය. එහි වටිනාකම ශ්‍රී ලංකා රු. ලක්‍ෂ 2047කට (රු. 204,770,272) වැඩිය. මීට අමතරව තරගාවලියේ පළමු වටයේ තරග ජයගන්නා කණ්ඩායමකට ඇමෙරිකානු ඩොලර් 40,000 (රු. 14,66,448.00). බැගින් හිමිවන අතර, තරග 12කදී ඇමෙරිකානු ඩොලර් 480,000ක් (රු. 175,517376) පිරිනැමීමට නියමිතය. එමෙන්ම තරගාවලියේ පළමු වටයෙන් ඉවත්වන කණ්ඩායමකට ඇමෙරිකානු ඩොලර් 40,000 (රු.කෝටි.1.4කට වැඩි) බැගින් හිමිවන අතර,

ඒ අනුව කණ්ඩායම් 04ක් සඳහා ඇමෙරිකානු ඩොලර් 160,000ක් (රු.කෝටි 5.8කට වැඩි පිරිනැමීමට නියමිතය.

ඒ අනුව විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සමස්ත තග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂ 56ක් හෙවත් රුපියල් කෝටි 204කට වැඩි මුදලක් බෙදා දීමට නියමිතය. සත්කාරක ඔස්ට්‍රේලියාව, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව ශ්‍රේණිගත කිරීම් අනුව සුපිරි 12 වටයට සෘජුව සුදුසුකම් ලබාගෙන සිටියි. කෙසේ නමුත් ශ්‍රී ලංකාව ඇතුළුව නැමීබියාව, නෙදර්ලන්තය, එක්සත් අරාබි එමීර්, අයර්ලන්තය, කොට්ලන්තය, බ.ඉ. කොදෙව් සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් සුදුසුකම් ලැබීමේ වටයක් ක්‍රීඩාකළ යුතු අතර, ඉන් කණ්ඩායම් 04ක් සුපිරි 12 වටයට සුදුසුකම් ලබයි.