imran-khan-arrest-warrent

අගෝස්තු මාසයේ පැවති ප්‍රසිද්ධ රැස්වීමකදී විනිසුරුවරියකට "තර්ජන කිරීම" සම්බන්ධයෙන් එරට හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට පාකිස්තාන අධිකරණය සෙනසුරාදා වරෙන්තු නිකුත් කලේය.
මෙම නඩුව විභාග කිරීම සඳහා ඉම්රාන් ඛාන් පෙනී නොසිටීම හේතුවෙන් ඉස්ලාමාබාද් අගනුවර මහේස්ත්‍රාත්වරයා විසින් මෙම වරෙන්තුව නිකුත් කර තිබේ.



ඛාන්ට මුලින් නඩු පවරා තිබුණේ රටේ ත්‍රස්ත විරෝධී නීතිය යටතේය. කෙසේ වෙතත්, පසුව ඉස්ලාමාබාද් මහාධිකරණය මෙම නඩුවේ ත්‍රස්තවාදය සම්බන්ධ වගන්ති අවලංගු කරන ලෙස නියෝග කළේය.
ඔහුට මහේස්ත්‍රාත්වරයා හමුවේ පෙනී සිටින ලෙසටද මහාධිකරණය නියෝග කළ අතර එය ඔහු විසින් ඉටු නොකළේය.

හිටපු අග්‍රාමාත්‍යවරයා අත්අඩංගුවට ගන්නේද යන්න විමසූ Dunya News වාර්තා කළේ, ඉස්ලාමාබාද් පොලිසියට තවමත් එවැනි නියෝගයක් ලැබී නොමැති බවයි.

අගෝස්තු 20 දා රැලියකදී ඔහුගේ කතාවේදී, ඛාන් පැවසුවේ ඉස්ලාමාබාද් පොලිස් ප්‍රධානියාට මෙන්ම ඔහුගේ මාණ්ඩලික ප්‍රධානියා වන ෂෙබාස් ගිල්ව රිමාන්ඩ් භාරයට පත් කිරීමට නියෝග කළ අධිකරණ නිලධාරියෙකු සිටින බවත් එම ක්‍රියාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.



කාන්තා විනිසුරුවරියට "තර්ජන කිරීම" සම්බන්ධයෙන් ඉස්ලාමාබාද් මහාධිකරණයේ අධිකරණයට අපහාස කිරීමේ නඩු විභාගයකට ද ඛාන් මුහුණ දී සිටී.
අප්‍රේල් මාසයේ විශ්වාසභංගයෙන් ඔහු බලයෙන් නෙරපා හැරීමෙන් පසු, ඛාන් ආණ්ඩු විරෝධී රැලි මාලාවක් පවත්වා ඉක්මන් මැතිවරණ සඳහා කැඳවුම් කර ඇති අතර, 2023 අගභාගයේදී ඒවා පැවැත්වීමට නියමිතය.