world-cup-updates-rain

ඕස්ට්‍රෙලියාවේ පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඊයේ මෙල්බන් නුවර පවත්වන්නට නියමිතව තිබූ තරග දෙකක්ම වර්ෂාසහිත කාලගුණය නිසා එකදු පන්දුවක් හෝ නොයවා අතැර දමන්නට සිදුවිය. 

ඇෆ්ගනිස්ථානය හා අයර්ලන්තය සමග එක් තරගයක් හා එංගලන්තය හා සත්කාරක ඕස්ට්‍රෙලියාව අතර අනෙක් තරගයටත් මෙම බාධාව එල්ලවිය. මේ හේතුවෙන් දෙපිලටම පොයින්ට්ස් එක බැගින් පමණක් හිමිවූ අතර නැවත එම තරග පවත්වන්නේ නැත.



මින් ඉහත 24 වනදා හෝබාර්ට්හි පැවති දකුණු අප්‍රිකාව හා සිම්බාබ්වේ අතර තරගයටද වැසි බාදා එල්ලවීම නිසා තරගය අතරමග නතර කළ අතර ප්‍රමාණවත් පන්දු ඕවර යවා නොමැති නිසා ප්‍රතිඵලයක් ලබාගන්නට බැරිව දෙපිලටම සම ලකුණු ප්‍රදානය කෙරිණි.
අනතුරුව 26 වනදා මෙල්බන්හි පැවති අයර්ලන්ත එංගලන්ත තරගයට වැසි බාධා එල්ලවීමෙන් ඩක්වත්ලුවිස් න්‍යාය අනුව අයර්ලන්තයට ජය හිමි විය.
එදිනම නවසීලන්තය හා ඇෆ්ගනිස්ථානය අතර තරගයටද වර්ෂාව බාධා කළ නිසා තරගය නොපවත්වා අත්හිටවන ලදි.
ඊයේ 28 ඇෆ්ගනිස්ථානය හා අයර්ලන්තය සමග තරගය හා එංගලන්තය හා සත්කාරක ඕස්ට්‍රෙලියාව අතර තරග දෙකටම වැස්ස හරස්විය.
මේ අනුව දැනට කාණ්ඩ අංක එකේ තරග වදින ශ්‍රී ලංකාව හැර අනෙක් රටවල් සියල්ලටම එනම් නවසීලන්තය,එංගලන්තය,අයර්ලන්තය,ඕස්ට්‍රෙලියාව තරග එක බැගින්ද ඇෆ්ගනිස්ථානය තරග දෙකකින්ද වැස්ස නිසා අවාසි ලබා තිබේ.
කාණ්ඩ අංක 2 දකුණු අප්‍රිකාව හා සිම්බාබ්වේ මෙම අවාසියට ලක්වූ රටවල්ය.


ශ්‍රී ලංකාව අවසාන පූර්ව වටයට ගමන් කිරීම සඳහා 1 කාණ්ඩයේ අනෙක් රටවල් සමග ලකුණු අතර තරගයක නිරත වන බැවින් වැසි බාධාවක් නොමැතිවීම  ශ්‍රී ලංකාවට දැනට වාසියක් බවට පත්ව තිබේ.

අද (29) දින ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරගය  සිඩ්නිහිදී පවත්වන්ට නියමිතය.