world-cup-update-zim-sa

ලෝකකුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය යටතේ අද (24) සිම්බාබ්වේ පිල හා දකුණු අප්‍රිකානු පිල අතර හොබාර්ට්හි පැවති තරගය අර්ධ වශයෙන් ක්‍රීඩාකර වැස්සෙන් ඇතිවූ බාධා හේතුවෙන් අතහැර දමන්නට සිදුවිය.
 කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණ බැගින් හිමිවිය.
තරගය ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය පන්දුවාර 9ක සීමා කෙරුණි.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 79ක් රැස්කළේය.අනතුරුව පිටියට පිවිසි දකුණු අප්‍රිකා පිතිකරුවන් පන්දුවට පහරදෙමින් සිටියදී නැවත තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවිය.ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව දකුණු අප්‍රිකාවට පන්දුවාර 7කදී ලකුණු 64ක ජයග්‍රාහී ඉලක්කයක් ලබාදෙනු ලැබිණි.එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 03කදී කිසිවකුත් නොදැවී ලකුණු 51ක් ලබාගෙන සිටියදී යළිත් වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා තරගය අත්හැර දැමීමට තීරණය විය. මෙහි තීරණයක් ලබාදීමට නම් අවම වශයෙන් ඕවර 5 ක්වත් ක්‍රීඩා කළ යුතු වූ නමුත් එය සිදුකරන්නට බැරි තරමට වැසි වැටුණි.
මෙම තරගයේ හොඳින් ක්‍රීඩා කර තිබුනේ දකුණු අප්‍රිකානු පිලයි. ඔවුන් කිසිවෙකු නොදැවී 51 ක් ලබා තිබියදී නැවත වැසි වැටුනේ නැතිනම් අනිවාර්ය ජයග්‍රහණයකට යන්නට ඉඩ තිබුණි.
මෙවැනි අවස්ථාවක තරග අතහැර දැමීමක් මිස නැවත තරග පැවැත්වීමක් ලෝක කුසලාන විස්සයි20 නීති අනුව නොපවතී.ඒ නිසා ඇතිවූ අවසානය සිම්බාබ්වේ පිල පැත්තෙන් වාසිදායක බව විචාරකයින් පෙන්වාදී තිබේ.