world-cup-cricket-updates

ලෝක කුසලාන විස්සයි20 තරගාවලිය යටතේ ඊයේ (19) පැවති පළමු තරගයෙන් සත්කාරක ඕස්ට්‍රෙලියාව දැවැන්ත පරාජයකට පත්විය. නවසීලන්තය සිය ඕවර 20 අවසානයේ ලකුණු 200 ක් කඩුළු 5 කට ලබාගත් අතර ඕස්ට්‍රෙලියාව ඕවර 17.1 දී 111 කට සියල්ලන් දැවීයාමෙන් පැරදිණි. නවසීලන්ත ඉනිම වර්ණවත් කළේ කොන්වේ නොදැවී ලබාගත් ලකුනු 92 නිසාය.

ඊයේ පැවති අනෙක් තරගයෙන් ඇෆ්ගනිස්ථානය පහසුවෙන් පරාජය කරන්නට එංගලන්තය සමත්විය. ඇෆ්ගනිස්ථානය ඕවර 19.4 කදී සියල්ලන් දැවී ලබාගත් ලකුණු 112 එංගලන්තය පසුකළේ කඩුළු 5 කදී 18.1 ඕවරයේදීය. එංගලන්තයේ ලියම් ලිවිංස්ටන් ලකුනු 29 ක් නොදැවී රැස් කලේය.

අද පැවැත්වෙන තරග දෙකකින් එකක් ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතරත් අනෙක ඉන්දියාව හා පකිස්තානය අතරත් පැවැත්වේ.
(උදෑසන 10 වනවිට අයර්ලන්ත පිළ ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 40ක් කඩුළු 2 කට ඕවර 6 කදී ලබා තිබුනි) 





එංගලන්තය හා ඇෆ්ගනිස්ථානය අතර තරගය


නවසීන්තය හා ඕස්ට්‍රෙලියාව අතර තරගය