
බස්නාහිර පළාතේ ප්‍රදේශ 18කට ආසන්න ප්‍රමාණයකට සුළු ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
ඉදිරි පැය 3 සිට 48 දක්වා කාලය තුළ පහත් බිම් ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර ඇතිවිය හැකි බව නිවේදනයේ දැක්වේ.
අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් මීරිගම, දිවුලපිටිය, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා-ඇල, කටාන සහ වත්තල යන ප්‍රදේශවලට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, වත්තල, දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ යන ප්‍රදේශවලට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval