
අද (14) ධාරානිපාත වැසි සමග වරකාපොළ-තුඹලියද්ද ප්‍රදේශයේදී නිවසක් මතට පස්කන්දක් කඩා වැටී අනතුරක් සිදුව තිබේ.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නිවස ආසන්නයේ පස් කන්ද කඩා වැටී ඇති අතර එහි සිටි පුද්ගලයන් සිව්දෙනෙකු සිරවී තිබෙන බව අසල්වාසීන්ට දැනගන්නට ලැබී බේරාගැනීමට උත්සාහඉ දරා තිබේ.එයින් එක පුද්ගලයෙකු මුදාගෙන මේ වෙන විට රෝහල් ගත කර ඇති අතර අනිකුත් තිදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිසිය පැවසුවේය.
වරකාපොළ තුඹලියද්ද ප්‍රදේශයේ දෙමහල් නිවසක් මතට මෙම පස් කන්දක් කඩාවැටී ඇත.
ඉතිරි තිදෙනා පස් සමග යටව ඇතැයි සැක කෙරෙන අතර ඔවුන්ගේ සිරුරු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval