
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පිළිබඳ අදහස් දැක්වීම නිසා තමාට මරණ තර්ජන එල්ල වී ඇතැයි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ දඹාන කොටබකිනිය
ගම්මානයේදී ඊයේ (10) පැවසීය. තමා මරාදමන බවට නිරනාමික ලියකියවිල්ලක් ලැබී තිබෙන බවද තමා ඒවාට බියවන්නේ නැතැයිද එහිදී වන්නිල ඇත්තෝ කීවේය. ජනමාධ්‍ය හමුවක් පවත්වමින් එම නිර්නාමික ලිපියද ප්‍රදර්ශනය කරමින් ඔහු මෙසේද පැවසීය.
වසන්ත මුදලිගේ ගැන පමණක් නොවෙයි ඕනෑම සිංහල දෙමළ කෙනෙකුට ප්‍රශ්නයක් ආවොත් මම සොයලා බලන්න ඕනේ. මම වසන්ත මුදලිගේ ගැන කතා කළා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට මට නිර්නාමික ලියවිල්ලක් ලැබී තිබෙනවා. මරණ තර්ජනයක් ඇවිත්. අපේ පරම්පරාවේ කතාවක් තියෙනවා. බල්ලෙක් මිනිහෙකුගෙ කකුල හැපුවාට මිනිහා බල්ලාගේ කකුල හපන්නේ නැහැ" කියලා යැයි ඔහු කීවේය.
Comments
Post a Comment
Your comment will be visible after approval