
වලපනේ, කුරුදුඔය ප්‍රදේශයේ දුෂ්කර දැඩි බෑවුම් ප්‍රදේශයක වලක් තුළ අභිරහස් ලෙස මියගොස් සිටියදී සොයාගත් පුද්ගලයන් දෙදෙනාගේ අධිකරණයෙදි මරණ පරික්ෂණය අද (09දා) නුවරඑළිය මහ රෝහලේදී සිදුකිරීමට නියමිතව තිබේ. නිධන් හෝ මැණික් සෙවීමකට ගොස් ඇතැයි සැක කළ හැකි
ගල් දෙබොක්කාවක් තුළ කපන ලද විශාල වළක් තුළ මෙම පුද්ගලයන් දෙදෙනා මියගොස් සිටියදී පසුගියදා (30දා) වලපනේ පොලීසිය හා ගම්වාසීන් එක්ව සොයා ගෙන තිබේ.මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වලපනේ, ප්‍රදේශයේ පදිචිව සිටි ජේ.එම්. අබේසිංහ බණ්ඩා (අවු.61) සහ එම ප්‍රදේශයේම පදිංචිව සිටි කේ.එම් රුවන් කුමාර (අවු.43) නැමැත්තන්ය. මෙම පුද්ගලයන් දෙදෙනා නිවසට නොපැමිණීම හේතුවෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් වලපනේ පොලීසියට ඒ බව දැනුම්දීමෙන් අනතුරුව පොලීස් නිලධාරින් සහ ගම්වැසියන් එකතුව සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී එම පුද්ගලයන් දෙදෙනා ගල් දෙබොක්කාවක් තුළ කැණීම් කරන ලද වලක වැටී අභිරහස් ලෙස මියගොස් සිටියදී සොයාගෙන තිබේ.
එම වළ තුළ භූමිතෙල් භාවිතා කරන වතුර පොම්පයක්, වරලත් ඉහළ කොටසේ විදුලි ජනක යන්ත්‍රයක්, ඇඳුම් කීපයක් හා බත් පාර්සලයක් තිබී පොලීසිය සොයාගෙන තිබේ. මේ සම්බන්ධයෙන් වලපන් පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval