
බස් රථයක දී හමුවී හිතවත් වූ කාන්තාවක විසින් දෙන ලදැයි කියන පැණි බීමක් පානය කිරිමෙන් පසු සිහිවිකල්ව ඊයේ (24) අලුයම් කාලයේ වේයන්ගොඩ නගරයේ ගැවසෙමින් සිටි නාඳුනන පුද්ගලයකු පොලිසියට හමුවී ප්‍රතිකාර සඳහා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.ගමන් බෑගය සහ මුදල් පසුම්බිය ද අතුරුදන්ව තිබෙන බව මෙම පුද්ගලයා පවසන්නේ යැයි එම නිලධාරියා ප්‍රකාශ කළේය.
සිහිවිකල් ගතියකින් පසුවන බව පෙනී යන එම තැනැත්තා මෙම කතාවට අමතරව වරින්වර වෙනත් කතා ද පවසන බව එම නිලධාරියා කීවේය. වේයන්ගොඩ නගරයේ සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටිය දී සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ආ අවස්ථාවේ සිහිවිකල් ගතියකින් පෙළුණු බව කියන මෙම පුද්ගලයා ක්ලාන්ත තත්වයක් ඇතිවීම හේතුවෙන් රෝහල් ගත කළ බව ද පොලිසිය සඳහන් කරයි. ඔහු වරින් වර පවසන ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාව අනාවරණය කර ගැනීමට ඔහුගේ රෝගී තත්වය පහව ගිය පසු ප්‍රශ්න කිරීම් ආරම්භ කරන බව පොලිසිය පවසයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval