
බෙහෙත් කොටන තුවක්කුවකින් වෙඩි තබා වවුනියාව, නෙදුන්කේනි , ශිවනගර්හි 21 හැවිරිදි තරුණියක පෙරේදා(18) රාත්‍රියේ ඝාතනය කර ඇතැයි නෙදුන්කේනිපොලිසිය කියයි.
තරුණිය දිය නෑමට ගොස් පැමිණෙන අතරතුර සැගවී සිටි වෙඩික්කරු නිවෙස අසල දී වෙඩි තබා පලාගොස් ඇතැයි ද පොලිසිය පැවැසීය. මෙසේ ඝාතනය කොට ඇත්තේ වවුනියාව, නෙදුන්කේනි , ශිවනගර් හි පදිංචි තුරෙයිරාජසිංහම් පිරින්දා තමැති 21 ක් හැවිරිදි තරුණියක බව පොලිසිය කියයි.
තරුණිය සිය පියා සමග නිවෙසේ ජීවත්ව සිට ඇති අතර, වෙඩි තැබීමට හේතුව හා වෙඩි තැබීම සිදු කළේ කවුරුන්ද යන්න පිළිබඳ මෙතෙක් අනාරණය සඳහන් කරයි. තරුණියට වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන ආරම්භ කර ඇති බව ද පොලිසිය පැවසීය. සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරික්ෂණ වවුනියාව මහ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණි. නෙදුකේණි පොලිසිය වැඩිදුර විමර්ශන කරයි.
සිතුම් චතුරංග
Comments
Post a Comment
Your comment will be visible after approval