
සැමියා දුම්රියක ගැටී මියගොස් ඇති බව අසන්නට ලැබුණු සැණින් දැඩි ලෙස කම්පනයට පත් වූ බව කියන හෙද නිලධාරිනියක වූ ඔහුගේ බිරිද ඇය සේවය කරන මහනුවර ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල තුළදීම පෙරේදා 8 වැනිදා මියගොස් ඇතැයි දවුලුගල පොලිසිය පවසයි. දවුලගල ලුණුගම ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි එම්. උදයංගනී ශිරෝමි දිසානායක නමැති හෙද සොහොයුරියකි.
සැමියාගේ මරණය ගැන අසා ඇති වූ කම්පනය නිසා හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුකොටගෙන ඇය මිය යන්නට ඇති බවට පොලිසිය සැක කරයි.
දුම්රියක ගැටී මියගොස් ඇත්තේ හිටපු පොලිස් කොස්තාපල්වරයකු පනස් හැවිරිදි ඩී.එම්.එස්. දිසානායක මහතාය. මියගිය අඹුසැමි යුවළට පාසල් යන අවුරුදු 11 සහ 16 හැවිරිදි වියේ පසුවන දියණියන් දෙදෙනකු සිටින බව පොලිසිය පවසයි. වැලිගල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ දී පෙරේදා දහවල් දුම්රියක ගැටීමෙන් දිසානායක මහතා එම ස්ථානයේදීම මියගොස් ඇතැයි දවුල පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
මේ බව දැනගන්නට ලැබුණු සැනින් ඇය ඇද වැටී මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. මේ බව දැන ගන්නා අවස්ථාවේ ඇය පෞද්ගලික රෝහලේ සේවයේ නිරතව සිට ඇතැයි ද පොලිසිය පවසයි.
මෙම කොස්තාපල්වරයා නුවරඑළිය පොලිස් ස්ථානයේ රාජකාරි කරමින් සිටියදී මීට වසර දෙකකට පමණ ඉහත දී රාජකාරියට වාර්තා නොකර සිටීම නිසා සේවය අතහැර යාමේ නියෝග නිකුත්කර තිබුණු අයෙක් බවද එම පොලිස් නිලධාරියා කීය.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval