
දකුණු කොරියාවේ, සෝල් නුවර හැලොවින් උත්සවයක් අතරතුර ඇතිවූ තෙරපීමෙන් මේවනවිට 151 මියගොස් ඇතැයි නිල වශයෙන් පවසා ඇත. මියගිය අයගෙන් 97 ක් කාන්තාවන් වන අතර 54 ක් පිරිමින් වේ. 151 දෙනා අතරින් විදේශිකයින් 19 ක් සිටින බව වාර්තා කර ඇති අතර එක් අයෙකු ශ්‍රී ලාංකිකයෙකු ලෙස හඳුනාගෙන තිබේ.
විදේශ කටයුතු අමාත්‍ය, අලි සබ්රි මහතා සඳහන් කළේ, 27 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු එලෙස මියගොස් ඇති බවය.
ඔහු හැලොවින් උත්සවයට තනිව ගියේද නැතිනම් ශ්‍රී ලාංකිකයින් සමග ගියේද යන්න තවම තහවුරු කරමින් පවතී.
අදාළ සිදුවීමෙන් තවත් ලාංකිකයින්ට බලපෑමක් සිදුව ඇද්දැයි සෙවීම සඳහා සෝල් නුවර පොලීසීයට සහ රෝහල් වෙත නියෝජිතයින් යොමුකර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේ ය.
අමාත්‍යවරයා පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය සහ දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා වැඩිදුර තොරතුරු සොයාබලමින් සිටින බවය.
ඉරිදා උදේ 10:22 ට නිකුත් කළ නිවේදනය අනුව සෝල් අගනගර රජයට පුද්ගලයින් 355 දෙනෙකු අතුරුදහන් වූ බවට වාර්තා ලැබී ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval