
බත් පාර්සලයේ මස් කෑල්ලක සූක්ෂම ලෙස සිම්පත් දෙකක් සඟවාගෙන අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිටින රැඳවූවකු බැලීමට පැමිණි පුද්ගලයකු බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අගුණුකොළපැලැස්ස පොලිසිය වෙත බාර දී තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සූරියවැව වෙනිවැල්ආර ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු මෙම සිම්පත් ගෙනවිත් ඇත්තේ බන්ධනාගාර ගතකර සිටින 29 හැවිරිදි තම බෑණාට ය.
අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රිමාන්ඩ් කර සිටින රැඳවූවකු බැලීමට පෙරේදා පැමිණි පුද්ගලයකු ගෙන ආ බත් පාර්සලයක් බන්ධනාගාර නිලධාරීන් විසින් පරීක්ෂා කර ඇත.
එහිදී බත්පතේ තරමක් විශාල මස් කැබැල්ල ගැන අවධානය යොමුව ඇති අතර එය හොඳින් පරීක්ෂාවට ලක්කර ඇත. එහිදී සූක්ෂම ලෙස සඟවා තිබූ මෙම සිම්පත් දෙක සොයාගත් අතර සැකකරු ඊයේ අගුණුකොළපැලැස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval