
පරිසරය ආරක්ෂා කිරීම තම රාජකාරිය කර ගත් මධ්‍යම පරිසර අධිකාරියේ ඉහළ නිලධාරියකුට පරිසරය විනාශ කිරීමේ චෝදනා එල්ල වී ඇතැයි ආරංචි මාර්ග පවසයි. පරිසරය ආරක්ෂා කරනවා වෙනුවට මෙම ඉහළ නිලධාරියා සිය පුත්‍රයා සමග එකතු වී මාතලේ රිවස්ටන් ප්‍රදේශයේ ඉතාමත් සංවේදී පරිසර කලාපයක නීති උල්ලංඝනය කරමින් නිවාඩු නිකේතනයක් ඉදි කරමින් සිටින බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
රත්නින්ද ග්‍රාම නිලධාරි වසමේ අක්කරයකට වැඩි භූමියක මෙම නිවාඩු නිකේතනය ඉදිවන බව ආරංචි මාර්ග කියයි. මින් සිදුවන පරිසර විනාශය පිළිබඳ පැමිණිලි ජනාධිපති කාර්යාලයට ද දැනටමත් ලැබී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ගස් කපා දමා ඇති බවත් ජල මාර්ග දුෂණය වී ඇති බවත් ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.
පැමිණෙන අමුත්තන්ට නෑමට ද ස්ථානයක් පරිසර නීති උල්ලංඝනය කරමින් මෙම නිවාඩු නිකේතනයේ ඉදිවන බව ද පැවසෙයි. එල්ල වී ඇති චෝදනා හේතුවෙන් නිලධාරියා පිළිබඳ තීරණයක් ගනු ඇති බවත් පාරිසරික නිතී උල්ලංඝනය කිරීම හේතුවෙන් ඔහුට විරුද්ධව ඉදිරියේ දී නීතිමය පියවර ගනු ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කළේය.
සන්ඩේ ටයිම්ස්
Comments
Post a Comment
Your comment will be visible after approval