
රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට අතුරු මාර්ගයක නිවසකට පැන කපා කොටා පුද්ගලයකු ඝාතනයට තැත්කළ දෙදෙනකු 28 වැනිදා අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.. ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට අතුරු මාර්ගයක නිවසකට පසුගිය 21 වැනි දින පැන පුද්ගලයකු කපා කොටා ඝාතනය කිරීමට තැත් කළ සැකකරුවන් පලාගොස් සැඟව සිට ඇති බව පොලිසිය කීය.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමේදී එක් සැකකරුවකු ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිටදී හා දෙවන සැකකරු ගොලුමඩම හන්දියේදී අත්අඩංගුවට ගෙන ඝාතනයට යොදාගත් අඩි තුනක් පමණ දිග මන්නා පිහියත්, ඝාතනයේදී ලේ තැවරුණු ෂර්ට්, යතුරු පැදි භාවිතයට ගත් හෙල්මටයද පොලිස් භාරයට ගනු ලැබ ඇත. සැකකරුවෝ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව සිටියහ.
එච්.එම්. ධර්මපාල
Comments
Post a Comment
Your comment will be visible after approval