
විදේශගතවීමට ගිය රන්ජන් රාමනායක මහතා කටුනායක ගුවන්තොටුපළේ දී ආගමන විගමන නිලධාරීන් ඊයේ (27) පස්වරුවේ ආපසු හරවා යවා තිබේ.
කටුනායක ගුවන්තොටුපළේ ආගමන විගමන ඒකකය සඳහන් කළේ, ඔහුට විදෙස් ගමන් තහනමක් තිබීම හේතුවෙන් එලෙස හරවා යැවූ බවයි.
මේ පිළිබඳව රන්ජන් රාමනායක මහතා පැවසුවේ, පසුගිය කොරෝනා සමයේ සහල් බෙදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැනවූ නඩුවකට අදාළව තමන්ට විදෙස් ගමන් තහනමක් පනවා තිබූ බවයි.
නඩුව මේ වන විට අවසන්ව ඇතත් පැන වූ විදෙස් ගමන් තහනම ඉවත් කර තිබුණ ද ඒ පිළිබඳව අදාළ අංශ දැනුවත් කර නොමැති බව ද රන්ජන් රාමනායක මහතා සඳහන් කළේය.
අද(28) දිනයේ එම ගැටලුව නිරාකරණය කර ගැනීමට කටයුතු කරන බව රන්ජන් රාමනායක මහතා සඳහන් කළේ ය.
ඔහු සඳහන් කළේ, අමෙරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගී වීම සඳහා තමන් ඊයේ(27) විදෙස්ගත වීමට ගිය බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval