
සයිටම් ආයතනය සමග හෝ නෙවිල් ප්‍රනාන්දු රෝහල සමග කිසිදු ගිවිසුමකට එළැඹීමකින් තොරව 2017 වසරේ සිට 2022 දක්වා කාලය තුළ නෙවිල්, ප්‍රනාන්දු රෝහල් වියදම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් කෝටි 218ක් වැය කර ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ. නෙවිල් ප්‍රනාන්දු රෝහල අනු කල් බදු පදනම යටතේ දස වසරකට රජයට පවරා ගැනීම සඳහා ගිවිසුමකට එළඹීමට 2017 ජුනි පස්වැනිදා කැබිනට් අනුමැතිය ලැබී තිබුණ ද
2022 ජනවාරි 31 දක්වා එවැනි ගිවිසුමක් අත්සන් කර නැතැයි ද එම වාර්තාවේ සඳහන් වේ.
එම වාර්තාවට අනුව එලෙස ගිවිසුමකට එළඹුණේ නම් නෙවිල් ප්‍රනාන්දු රෝහල දස වසරකට රජයට හිමිවන අතර එසේ හිමිවන්නේ එම රෝහල ලංකා බැංකුවට ගෙවීමට ඇති රුපියල් කෝටි 101ක ගෙවා අවසන් වූ පසුව බව ද එහි සඳහන් කර ඇත. විගණන වාර්තතාවේ දැක්වෙන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වියදම් පියවා ගැනීමට ඉහත ගෙවීම් කර තිබෙන්නේ එවැනි කිසිදු ගිවිසුමකට එළඹීමකින් තොරවය.
මුදිතා දයානන්ද
Comments
Post a Comment
Your comment will be visible after approval