nepal-cricket

17 හැවිරිදි දැරියක දූෂණය කළ බවට චෝදනා ලබා සිටි නේපාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායක 22 හැවිරිදි සන්දීප් ලමිච්චානේ නේපාල පොලීසිය විසින් ඊයේ (O6) දා දිනයේදී අත්අඩංගුවට ගනු ලැබීය. ලමිචාන්නේ මෙම චෝදනාවට ලක්වන විට සී.පී.එල්. ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා කැරීබියානු දූපත් බලා පිටත්ව ගොස් සිටියේය.

ඒ අනුව ඊයේ දිනයේදී ඔහු කත්මණ්ඩු නුවරට පැමිණි පසු ගුවන්  තොටුපළේදී පොලිස් භාරයට ගනු ලැබීය. පසුගිය මාසයේදී කත්මණ්ඩු නුවර හෝටලයකදී 17 හැවිරිදි දැරියක දූෂණය කළ බවට ලම්චානේට චෝදනා එල්ල විය. කෙසේ නමුත් මෙම චෝදනාවට ලක්වීමෙන් පසු ඔහු පසුගිය සතියේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා දන්වා සිටියේ, මෙය පදනම් විරහිත චෝදනාවක් බවයි. කෙසේ නමුත් ඔක්තෝබර් 06වැනිදා නේපාලයට පැමිණ තමන්ට එරෙහිව ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ගයට මුහුණ දෙන බවයි. නේපාලය වෙනුවෙන් වැඩිම එක්දින තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කර ඇති හා එරට වෙනුවෙන් එක්දින හා විස්සයි20 තරග බීමේ වැඩිම ජයග්‍රහණ ප්‍රතිශතයකට හිමිකම් කියා ඇති නායකයාද වන ලමිචානේ, මේ වන විට ජාත්‍යන්තර කඩුලු 154ක් බිඳහෙළා සිටියි.

වයස අවුරුදු 18දී නේපාලය නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වූ ලම්චානේ, ලොව පුරා ඇති ප්‍රමුඛතම විස්සයි20 ලීගයන් රැසක් නියෝජනය කර කඩුලු 200කට ආසන්න සංඛ්‍යාවකට හිමිකම් කියයි.


(විශ්ව මුදියන්සේ )