kurunegala-business-man-death

කුරුණෑගල නගරයේ පුත්තලම් මාර්ගයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වා ගෙනගිය හිමිකරවෙකු ඉකුත් 28 දින සවස 5.30 පමණ ඔහුගේ ව්‍යාපාරික ස්ථානයේදීම ඝාතනය කර තිබේ.


ව්‍යාපාරිකයාගේ ගෙල මොට ආයුධයකින් සිරකිරීමෙන් සිදුවූ ඝාතනයක් බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය අජිත් ජයසේන මහතා පැවසීය.
ඝාතනයට හේතුව මෙතෙක් අභිරහසක් වී තිබේ.


මෙම මිනිස් ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් සැකකටයුතු කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති බවත් ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබෙන බව කුරුණෑගල මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය කියයි.

අභිරස් ලෙස මරණයට පත්වී සිටින ව්‍යාපාරිකයාගේ ගෙලබැඳි පවුම් පහක රන් දම්වැලක් තිබූ බවත් ඔහු සන්තකයේ තිබූ මුදල් පැහැර ගැනීමට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ව්‍යාපාරිකයා ඝාතනය කර ඇතැයි, සැක කරන බවත් වාර්තා විය.

වැල්ලව උඩුගම ස්ථීර පදිංචි දෙදරු පියෙකු වන සමන් රෝහිත මෙලෙස ඝාතනයට ලක්විය.
පරීක්ෂණ සිදුවේ.