
ත්‍රස්ත පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කිරීම ඇතුළු ඉල්ලීම් තිහිපයක් මුල් කරගෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතාවය විසුරුවා හැරීමට පොලීසිය පියවර ගත්තේය.
අද (ඔක්තෝම්බර් 18) කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත සරසවි සිසුහු කොළඹ - නුවර මාර්ගයේ ගමන් කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී පොලීසිය ඔබ්ද විකාශන මගින් කථා කරමින් විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ මාර්ගය අවහිර නොකරන ලෙසයි.
පසුවඋණුසුම් තත්ත්වයක් හටගත් අතර සරසවි සිසුන් 07 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනිණි.
මේ පිළිබඳවපොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මෙම පා ගමනට පොලීසියෙන් අවසර ගෙන නොතිබූ බවත් මීට රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කළ බවත් එය මර්දනයක් නොවන බවත්ය.

Comments
Post a Comment
Your comment will be visible after approval