
ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල අද (11) රාත්‍රියේ සිට රුපියල් 500 කින් පහත දමා තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5, ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 5,300ක් ලෙසයි.
කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 2,120කි.
ලිට්‍රෝ ගෑස් මිලද අවස්ථා දෙකකදී පහළ දැමූ අතර කිලෝග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,280ක්ද කිලෝග්‍රෑම් 5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,720ක් ද වෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval