
ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් තීරණ ගත හැක්කේ අධිකරණ තීන්දුවලින් මිස වෙනත් ක්‍රමවලින් නොවන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.
අලුතින් සම්මත කරන ලද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ද්විත්ව පුරවැසිභාවය ඇති අයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ නොහැක.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද්විත්ව පුරවැසිභාවයක් දරයිද නැද්ද යන්න පිළිබඳව කඩිනම් තීරණයක් ගත නොහැකි බව ප්‍රකාශ කළ මැතිවරණ කොමිෂන් සභාව එවැනි පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටියේ වහාම ඉල්ලා අස්වන ලෙසයි.
ඉදිරි මැතිවරණ සඳහා නාමයෝජනා භාරගැනීමේදී ද්විත්ව පුරවැසිභාවය ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත්, එවැනි අපේක්ෂකයින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළහොත් පමණක් ක්‍රියාමාර්ග ගන්නා බවත් එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval