
ඕස්ට්‍රෙලියාවේ පර්ත් ක්‍රීඩා පිටියේ අද (25) පැවති සත්කාරක ඕස්ට්‍රෙලියානු පිල හා ශ්‍රී ලංකාව අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් විය.
කාසියේ වාසිය දිනා පන්දු රැකීම තෝරාගත් ඕස්ට්‍රෙලියාවට එරෙහිව ශ්‍රී ලංකාව ලබාගත්තේ ලකුණු 157 කි.
කඩුළු දැවීම මන්දගාමීව සිදුවුණත් ශ්‍රී ලංකාවේ පිතිකරුවන් වේගවත් පහරවලට නොගිය අතර අවසන් ඕවර තුනේ පමණක් වේගවත් පිතිකරණයක් පෙන්නුම් කර තිබුණි.
පැතුම් නිශ්ශංක 40 ක් හා අසලංක නොදැවී 38 ක් පමණක් ලබාගත් අතර ප්‍රමුඛ පිතිකරුවන් වන කුසල් මෙන්ඩිස්,භානුක රාජපක්ෂ හා දසුන් ශානක අද අසාර්ථක විය.
දෙවනුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රෙලියානු පිල 16 වන ඕවරයේදී 158 ඉලක්කය සපුරාගන්නා ලදි. මෙම ජයග්‍රහණයට වඩාත් බලපෑ පිතිකරණයක නිරතවූ මාර්කස් ස්ටොනිස් පන්දු 18 කින් ලකුණු 59 ක් රැස්කර වේගවත් 50 ලබාගැනීමේ ඕස්ට්‍රෙලියානු වාර්තාවක්ද පිහිටුවීය. ආරොන් ෆින්ච් ලකුණු 31 ක් ලබාගත්තේය. පොයින්ට්ස් ටේබල් හා තරග ලකුණු සටහන පහතින්



Comments
Post a Comment
Your comment will be visible after approval